ජාතික ඵලදායිතා තරගයෙන් ජාතික මට්ටමින් තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමත් විය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර 2020 වසර සඳහා වන ජාතික ඵලදායිතා තරගයේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා (15) අග්‍රාමාත්‍ය මන්දිරයේදී (අරලිය ගහ මන්දිරය) පැවැත්විණි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා සහ කර්මාන්ත හා විදේශ රැකියා අමාත්‍ය ගරු. මනූෂ නානායක්කාර මහතා මෙම අවස්ථාවට සහභාගී විය. මෙම ඉසව්ව සඳහා ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් ජාතික සම්මානය නවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් එස්.රංගනාදන් මහතාට හිමි විය. මේ ජාතික මට්ටමේ ජයග්‍රහණය සියලුම නිලධාරීන්ගේ කැපවීමෙන් කළ සේවයේ ජයග්‍රහණයක්.

 productivity awards 2022 1 

productivity awards 2022 2

productivity awards 2022 3

 

 

News & Events

Scroll To Top