අස්වැසුම 2 වන අදියර සදහා පුහුණු වැඩමුළුව - 2024
අස්වැසුම සංගණන ගැනීම් සදහා වූ පුහුණු වැඩමුළුව 2024 ජුලි 23 දින නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී, ප්‍රාදේශීය ලේකම් රාහුලනායකි සජින්ද්‍රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම අවස්ථාවේදී අස්වැසුම 2 අදියරේ දත්ත රැස්කිරිමේ යෙදෙන ග්‍රාම නිලධාරින්ගේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කරුණු සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබද පැහැදිලි කිරිමක් නාවිදන්වෙලි සුභසාධන ප්‍රතිලාභ අංශයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු සංනිවේදන නිලධාරි විසින් සිදුකරන ලදි. තවද තොරතුරු සංනිවේදන තාක්ෂණ පිළිබදව මෘදුකාංග භාවිතය සම්බන්ධ මාර්ගෝපදේශයක් තොරතුරු තාක්ෂණික නිලධාරි විසින් ලබාදෙන ලදි.





















