දෙවන භාෂා ඉගෙනීම සම්පූර්ණ කළ නිලධාරීන් සඳහා සහතික කිරීමේ වැඩසටහන - 2023

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන දෙවන භාෂා (සිංහල) පැය 150 පාඨමාලාව හැදෑරූ අය සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් නාවිතන්වේලි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පාසල් සහ රාජ්‍ය ආයතනවල රාජකාරි පාඨමාලාව හැදෑරූ නිලධාරීන්ට සහතික පත්‍ර හිමි විය.

පාඨමාලා සම්බන්ධීකාරක ඒ.එච්.නාෂික් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස නවතාන්වේලි සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.රංගනාදන්, සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ප්‍රනවරූබන් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වූහ. පරිපාලන ග්‍රාම නිලධාරී. පරිපාලන ග්‍රාම නිලධාරී මනෝජ් ඉන්ද්‍රජිත් මහතා, සමූර්ති ප්‍රධාන කාර්තු කළමනාකරු එස්.ශිවම් මහතා ඇතුළු නිලධාරීහු ද සහභාගි වී සහතිකපත් ප්‍රදානය කළහ.

Sinhala language certificate ceremony 2023 2

Sinhala language certificate ceremony 2023 1

Sinhala language certificate ceremony 2023 3

Sinhala language certificate ceremony 2023 4

 

 

News & Events

Scroll To Top